ප්‍රංශයේ ඈත ගම්මානයක වෙසෙන කම්මල්කරුවෙකුවූ “බැලියන්” නම් තරුණයෙක් මළදරැ උපතක් නිසා සිත් තැවුලට පත්ව සියදිවි නසාගත් තම බිරිද හා මියගිය බිලිදා ගැන ශෝකයෙන් කම්පිතවී සිටිනා මොහොතක කුරුස යුධභට කන්ඩායමක් ගමට පැමින එහි නායකයා වූ ඉබ්ලින්හි සාමිවරයා හෙවත් ගොඩ්ෆ්‍රි යැයි තමාව හදුන්වාදෙන පුද්ගලයා තමා බැලියන්ගේ නියම පියා බවත් තමා ඔහුගේ මව සමග ආදරයෙන් බැදී සිටිනා කාලයේදී ඔහුගේ මව අතහැර යන්න සිදු වූ බවත් පවසා ඔහුත් සමග ජෙරුසලමට පැමින ඔහුගේ දේපල වල උරුමකරු වන ලෙස බැලියන්ගෙන් ඉල්ල සිටිනවා. නමුත් බැලියන් එම ඉල්ලීම ප්‍රතික්ශෙප කරනවා එම නිසා කුරුස යුධභට කන්ඩායම ඔවුන්ගේ ජෙරුසලමට යන ගමනට පිටත් වෙනවා.
මේ අතර ගමේ වෙසෙන නපුරු පූජකයා බැලියන්ට දැනුම් දෙනවා ඔහුගේ බිරිදගේ මළසිරුරේ හිස කදින් වෙන්කල බව (සියදිවි නසාගත් අයට ස්වර්ගයට ඇතුලු වීමට ඉඩ නොදීම සදහා එම කාලයේ යොදාගත් සම්ප්‍රධායකි මෙය ) සහ ඈ මිය යන විට පැලද සිටි කුඩා කුරුසිය පූජකයාගේ අතේ ඇතිබව දැක කෝපය පාලනය කරගත නොහැකිව බැලියන් විසින් පූජකයාව මරා දමනවා. ඉන්පසු ඔහු තමාගේත් බිරිදගේත් පාපය සමාකරවාගෙන අත්ම විමුක්තිය ලබාගැනීමේ අරමුනින් ඔහුගේ පියාගේ කන්ඩායමට එකතුවීමට පිටත් වෙනවා . . ගොඩ්ෆ්‍රිගේ නෑදෑවූ රජයේ නිලධරියෙකු බැලියන්ව අත්-අඩOගුවට ගැන්මට යැයි පවසා ගොඩ්ෆ්‍රිව සහ බැලියන්ව මරාදැමීමට ( ගොඩ්ෆ්‍රිගේ ඉඩකඩම් ලබා ගැනීමේ අරමුනින්) පැමිනියත් එහිදී ඇතිවන සටනින් ගොඩ්ෆ්‍රි මරනීය තුවාල ලැබුවත් ඔවුන් ජය ලබනවා. . .
මෙසිනාහිදී ගොඩ්ෆ්‍රි විසින් බැලියන්ව නයිට් පදවියට පත්කර ඔහුට අණකරනවා ජෙරුසලමේ රජුවූ ලාදුරු රෝගී ධාර්මිශ්ට සයවැනි බැල්ඩ්වින් රජතුමාට සේවය කරන ලෙස. තවදුරටත් ඔහුගේ ප්‍රාර්ත්නය වූ හර්ද ශාක්ශියට එකග, ධාර්මික, සදාචාරාත්මක, මුස්ලිමුන්ට සහ ක්‍රිස්තියානුවන්ට සමාදානයෙන් ජීවත් වියහැකි ශුද්ධවූ දේශය හෙවත් ජෙරුසලම ගැන ඔහුගේ අදහස බැලියන්ට පවසනවා. . .
පියාගේ සිහිනය සැබෑ කිරීමට බැලියන්ට හැකිවෙයිද?? ඔහුගේ ආත්මයට බලාපොරොත්තුවූ විමුක්තිය ලැබේවිද??? මේවාට පිලිතුරු ඕනනම් මෙම චිත්‍රපටය බලන්නම වෙනවා. . . .
WATCH AD FOR 15 SECONDS TO UNLOCK
ADVERTISEMENT
15
Please watch the ad for 15 seconds to unlock the content.
Keep this window open until the timer reaches 0
Do not close this window or refresh the page. Closing early will require restarting the process.